Saturday, September 29, 2012
අසරණ වීම
මුල් හමුවීමෙන් ලද ඇගේ ඒ නෙත් පහස
පසක් කලා සංසාරේ කවදා හෝ හමුවී ඇති බව
නමුත්,
ඒ රත්තරන් දෑස මට අහිමි වන බව දැනුන විට
හදේ නැගුනු වේදනාව
පැවසීමට කෙනෙක් නැති සඳ...
හමුවුනා ඔබ මට...
දැන් මගේ සිහිනය,
මගේ ලෝකය ඔබයි
නමුත් එසේ වුව
ඇගේ දයාබර වදන් මගේ හදවත තවමත් සීතල කරන බව
කෙසේ ඔබට පවසන්නෙම්ද...
ඇගේ දසුන මා හද කීරි ගස්වන බව
කෙලෙස ඔබට පවසන්නෙම් ද...
විටෙක මගේ සිත මට දොස් පවරයි
"නුඹ මායාවක වෙලී ඇත..."
නුඹට ද්‍රෝහි වීමක් ගැන සිතන්නටද නොහැක...
නමුත්...
සියල්ල දෛවයට භාරකොට
නිහඬව බලා සිටිමි මම...
Subscribe to:
Posts (Atom)